Thotupola

Sithum Pathum

Milton Mallawarachchi · Sansare Sewanalla · 3:22

සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ... ආයාසයකින් කියන්න බැරි තරමේ ආයාසයකින් කියන්න බැරි තරමේ නිලුපුල් දෙනුවන් දැකගන්නයි සුවඳැල් මුහුලස සිපගන්නයි සුළඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි සිහිලැල් වදනින් සැනසෙන්නයි සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ... ආයාසයකින් කියන්න බැරි තරමේ ආයාසයකින් කියන්න බැරි තරමේ ලියගොමු වියැලී මල් පරවී අතු කොල වැහැරී බිම වැටිලා ඔබ ගිය වග, සරණෙක බැඳිලා කවුද කියයි මට කොඳුරාලා සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ... ආයාසයකින් කියන්න බැරි තරමේ ආයාසයකින් කියන්න බැරි තරමේ ආයාසයකින් කියන්න බැරි තරමේ

Sithum Pathum lyrics · Milton Mallawarachchi