Me Mai Gaha Yata
Milton Mallawarachchi · Milton Pranama · 3:38
මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා මැයි මාසේ එක සැන්දා වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහිපොද සේ නෙතු කඳුලු සැලේ වැහිපොද සේ නෙතු කඳුලු සැලේ වැහිපොද වැටුනත් ඉස්සර වාගේ මැයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙක් නෑත අද මා පමණයි මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා
