Thotupola

Kusum Sara

Damith Asanka

(කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල් හීසරයට....//) ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර (මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර....//) හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම වසන්තයේ මල බඳුනේ මානවිකා දැක (සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට....//) කුසුම් සරා බැල්ම...... නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට අහංකාර කම අවියක් යුවතියෝ සන්තක ඒම කියන හිත විටකදී කැපව නුරාවට (හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල....//) කුසුම් සරා බැල්ම.....

Kusum Sara lyrics · Damith Asanka