Handekare
හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ සදේ එළිය සඳ හෙවනට සිසිල ගෙනාවේ ගගේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ මගේ හිතට තනිකම කවුරු ගෙනාවේ දොළේ හඬට ගී සීපද කොතැන ඇසෙන්දෝ දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ හිතය නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ දුකට කියන මේ ගී පද කාට ඇසේදෝ
