Thotupola

Api Wenama Handamu Dethanakata Wela

Krishantha Erandaka

අපි වෙනම හඬමු දෙතැනකට වෙලා නෙතු පිරි දුක ලිහී සිත නිවී යන තුරා අපි වෙනම හඬමු දෙතැනකට වෙලා නුඹ හෙලන කඳුළු මුතුකැට අහුලා එක පොටකට අමුණා නුඹේ දෙගුරුන් පරලා සතුටු වෙනු බලා අපි එකට හිනා වෙමු දුක සඟවා ඇතිවෙන තුරා අපි වෙනම හඬමු .... මා තනිව හෙලන සුසුමන් අතුරා සුව යහනක් සදලා අප දෙගුරුන් සතපා ඉසිඹුලනු බලා අපි එකට හිනා වෙමු දුක සඟවා ඇතිවෙන තුරා අපි වෙනම හඬමු ....

Api Wenama Handamu Dethanakata Wela lyrics · Krishantha Erandaka