Kumudu Liye Sada Eliye Nahawena
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා // ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතු මාලේ සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ // කුමුදු ලියේ .... නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ පාළු අඳුර මකා දමා රන් තරුවේ පායා එන්න හද මැදුරට ඔබ මාගේ // කුමුදු ලියේ ....
