Pera Sansare Pathumakdo Oba
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ මේ සංසාරේ හමුවූයේ කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ // සිතුවිල්ලක්වී සැරිසරනු එපා හදවත ගැස්සෙයි උදේ හවා සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා නෙත නිදි නොලබයි රැයම පුරා // පෙර සංසාරේ .... දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා වැහිබර අහසට මුවා වෙලා පවනැල්ලක්වී ඔබ දැවටෙනවා සිත්මල් පෙති මත පිණි ඉසලා //
