Budu Samindun Men
බුදු සමිඳුන් මෙන් මහා කාරුණික ශාන්ත මෙත් බර පියාණෙනි හද ගැබ දැල්වෙන පවිටු හැඟුම් නෙක සැනෙන් නිවී යන්නේ ඔබේ වත දුටු මොහොතේ ළමා වියේ අප පසුවන දවසේ විඩාව නොතකා දිවා රැයේ සේවය කරමින් අත මිට පුරවා අප කුස පිර වූ පියාණෙනි බුදු සමිඳුන්... වඩවා නුවණින් යහගුණ පෙන්වා රකිමින් සැමදා ආදරයෙන් අප කිසිදා අදමිටු කම් නොමකරනා ඔබ ඉටු දෙවිඳෙකි අප නිවසේ බුදු සමිඳුන්...
