Cinderella
කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය // මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා // සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින් සින්ඩරෙල්ලා කැමීලියා මල් . . . සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා // ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා
