Puthune
පුතුනේ ... නුඹට තැලුවේ නුඹ හදන්නට හිතුනේ... ඇයි ගෙදරින් පැන හිදින්නට රිදුනේ... නුඹට නොවේ මටමයි විදගන්නට පුතුනේ... ගෙදර එනවද දොර වහන්නට තැලුවා තමයි මට ආ සුළු කේන්තියෙන් හැඬුවා මමත් නුඹ නැති ඒ කාන්සියෙන් කිවුවා කියයි අම්මා බැලු සාස්තරෙන් පුතා නම් ඉන්නවලු තවමත් හරි කේන්තියෙන් පුතුනේ..../ මමනේ තැලුවේ මම වැරදියි සිතනවානම් එන්නේ නැත්තේ මා හන්දයි කියනවානම් පිටවී යන්න මට පුළුවන් ඕනා තරම් පුතුනේ අනේ නුඹ ආපහු ගෙදර එනවානම් පුතුනේ.../
