Thotupola

Sandaa Ahasa Wage

Malani Bulathsinhala

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ..// ‍ හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා අහසට විසිකෙරුවා මං... රෑකල අහස බලන ඔබට පෙනෙයි‍.. හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී.. සැන්දෑ අහස වගේ..// කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා අහසට විසිකෙරුවා මං... රෑ කල අහස බලන ඔබට පෙනේවී... හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී... සැන්දෑ අහස වගේ..//

Sandaa Ahasa Wage lyrics · Malani Bulathsinhala