Thotupola

Heena Aran

Kithsiri Jayasekara

හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු එක හුස්මට අමතක කල දවසක් එනවාලු මට මගේ කියා කියාගන්න කිසිවක් නැති දාක සඳක් වෙලා ඈ පිපුණා තරුවක් නැති රෑක // කියාගන්නෙ කොහොම හිත ගොළු වී තාම යාය පුරා හිත වපුරා මල්වර නෙතු ගාව නොකී කඳුළු අමතක කල සුවඳකි වත පෑව // නොලීව කවි ලීව මට නැති වුනි මාව හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු එක හුස්මට අමතක කල දවසක් එනවාලු

Heena Aran lyrics · Kithsiri Jayasekara