Thotupola

Gurugedarata

Chamara Weerasinghe

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ පියෙකුගේ රූපයක්‌ නැතත් දැකපු ජීවිතේ හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ ගුරුගෙදරට හැමදා එන.../ මගේ වයසෙ අපේ එවුන් මගේ පන්තියේ අවජාතක නමකින් මට නම් පට බැන්දේ හරියට තේරුමක්‌ නැතත් කියපු කාරනේ හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ ගුරුගෙදරට හැමදා එන.../

Gurugedarata lyrics · Chamara Weerasinghe