Budun Daka Niwan Dakina
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාරෙ දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න.... භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න....
