Thotupola

Duwillen Wathsunu Thawara (Male Version) [feat. Morris Wijesinghe]

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 11 · 3:16

දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ වහස් බැළුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේ නිමේෂයක් කොඳුරා වී රහසින් ආ ගිය උන් සිටි තැන් සඟවා ගිනිකඳු සිරසේ මළ පුඩු අතරේ කැදලි සදාවී මොණර කිරිල්ලී රැයකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැළුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන පියඹා යාවී මොණර කිරිල්ලී සැඩ සුළඟේ මුල් ඉදිරී යන ගස මුදුනේ නූපන් දවසේ රන් කිරි කඳුළේ සිහින දකිවී මොණර කිරිල්ලී සිහින දකිවී මොණර කිරිල්ලී සිහින දකිවී මොණර කිරිල්ලී සිහින දකිවී මොණර කිරිල්ලී

Duwillen Wathsunu Thawara (Male Version) [feat. Morris Wijesinghe] lyrics · Rohana Weerasinghe