Sinhala Padama (feat. Lil Neo, K Mac & ND)
Kaizer Kaiz · Sinhala Padama (feat. Lil Neo, K Mac & ND) · 4:11
වැටියන් හීන මල් වරුසාවේ එළියක් හොයනවා මම අන්ධකාරේ දළදා සමිඳුගේ පිහිටේ ඉබාගාතේ යමින් හොයනවා නිර්වානේ පිළුණු නොවෙන මගේ රැප් වලට යටවෙනවා උබලගේ කුනුවුණු රැප්,මළකඳ මැස්සන් වටවෙලා ගන්දස්සාරය මම ආවා කරවන්න උඹලාගේ භූමිදානය නිධානය සිංහල අකුර රැප් පොතේ උඹල තාම කියවන්නේ පටුන කියවපන් හැම පිටුවක්ම මතුවෙයි නම කේසර රජ උඩරට රාජධානිය 100% සිංහල 200%ක් ආදරෙයි රටට මැරුවත් මුල්තැන සිංහල කමට 0% මගේ හතුරට සින්හනාදේ ලොව නංවා නැගී සිටිමි කඳු පරදා එක සිතින් එක් වීලා රජ කරන්නේ අපය සැමදා සින්හනාදේ ලොව නංවා නැගී සිටිමි කඳු පරදා එක සිතින් එක් වීලා රජ කරන්නේ අපය සැමදා හිතුමතේ මගේ ජීවිතේ සමගි මාවතේ දිව්වා හුඟක් දුර හති දාගෙන අපි හාමතේ මධුවිත අතේ යාළුවො වටේ කවුරුවත්ම නෑනේ දාගෙන යයිද එද්දී පොලිස් රතේ අද සුභ රාත්‍රියක් අද සුභ දවසක් ස්තුතියි දෙවියනේ දුන්නට මෙහෙම සවියක් ලිව්වා මම අම්මා ගැන කවියක් එපා මට සම්මාන ගරුනාම මොකවත් සිංහ නාද නෑ බලු කෙඳිරිය අදත් එදා වගේමයිනේ නැහැනේ කාටත් පදිරිය කියනව මම මට ඕනේ දේ ප්‍රසිද්දියට මැද ඇඟිල්ල tv එකට කතිරය ගෙවල් පැත්තේ කොල්ලෝ අපිනේ තරු උඩරට කොලොම්පුර මුළු ලොවම දිනු වැජබෙනවානේ මියෙන තුරු කරපන් සිංහල රැප් වලට ගරු එලිසම ගලපා පද පෙළ අමුණා සිහබස සරසා මව්බිම බබලා සිතුවිලි පවසා මුල් නොම සඟවා සිහ රැප් වරුසා කෙත්වතු තෙමනා සින්හනාදේ ලොව නංවා නැගී සිටිමි කඳු පරදා එක සිතින් (නැගිටිව්) එක් වීලා (නැගිටිව්) රජ කරන්නේ අපය සැමදා සින්හනාදේ ලොව නංවා නැගී සිටිමි කඳු පරදා එක සිතින් NEO Organizer රජ කරන්නේ අපය සැමදා
