Sinathotak Viya (feat. Nirosha Virajini)
Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 52 · 4:29
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං ... බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්න බැරි බව දුකකී මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්...
