Mama Ahewwa Horen Hadawathin
Rohana Weerasinghe · Best Of Rookantha & Chandralekha · 4:32
මම ඇහැවුවා හොරෙන් හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොඳයි කියා මම පැත්තකට වුණා හදවත කී දෙය ගැනම සිතා හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා ඔයා ගැනම කල්පනා කළා කල්පනාව ගැඹුරුයි මැවෙනා සිතුවම් හරි සොඳුරුයි පෙර ආත්මයක පෙම් සිතුවම් කල්පනාවේ දැවටෙයි සිත දැහැන්ගත වුණා කල්පනාව ඈතට යන්න ගියා මගෙ ගත නිසල වුණා පෙර ආත්මයට මා අරන් ගියා පෙර ආත්මයේදිත් ඔයා මගෙ විනීත බිරිඳම වෙලා මේ ආත්මයේදිත් පතා ආ නිසාලු අපි එක් වීලා පව් කරපු නිසා ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා මේ ආත්මයෙදි දැන් එක සෙවනක ඉන්න බැරි වෙලා මම ඇහැවුවා හොරෙන් හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොඳයි කියා මම පැත්තකට වුණා හදවත කී දෙය ගැනම සිතා හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා ඔයා ගැනම කල්පනා කළා
