Thotupola

Nidibara Sithuwili

Milton Mallawarachchi · Sansare Sewanalla · 3:25

නිදිබර සිතුවිලි පුබුදාලා පිණිදිය ගඟුලෙහි නහවාලා අරුමැසි විසිතුරු පවසාලා සුමියුරු සත්සර නංවාලා පියමැන ආ මග මුතු අතුරා සිහින් රුවන් සොමි කැන් පතුරා පියමැන ආ මග මුතු අතුරා සිහින් රුවන් සොමි කැන් පතුරා සුරත ගෙන ඇදී, පැමිණි ගමනේදී එමට මල් පිපී, නොබැලුවෙමි එබී නිදිබර සිතුවිලි පුබුදාලා පිණිදිය ගඟුලෙහි නහවාලා අරුමැසි විසිතුරු පවසාලා සුමියුරු සත්සර නංවාලා පිවිතුරු මා හද ඔබට පුදා පායන තුරු පසුදින දිනිදා පිවිතුරු මා හද ඔබට පුදා පායන තුරු පසුදින දිනිදා ගෙවූ මැදියමේ, තරම උණුසුමේ ඔබට අමතකයි මට තව මතකයි නිදිබර සිතුවිලි පුබුදාලා පිණිදිය ගඟුලෙහි නහවාලා අරුමැසි විසිතුරු පවසාලා සුමියුරු සත්සර නංවාලා

Nidibara Sithuwili lyrics · Milton Mallawarachchi