Ase gatena
Shihan Mihiranga · Samprapthiya · 4:12
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්. ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්. ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්// ඔබ නොදනී මුළු ලොවම දනී// ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔය නෙතු මගේමයි පිරූ පෙරුම්// ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන් කඳුලැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී// ඔය නෙතු දැහැනේ සම වැදී මෙ මා ඔය නෙතු තුල මා සිතූ සිතුම්// බොඳ වූ සිතුවම් බිඳුනූ හසරැල් සොවින් මා ඒ හෙළු සුසුම් ඔබ නොදනී මුළු ලොවම දනී// ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.// ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්// ඔබ නොදනී මුළු ලොවම දනී//
