Battle for Rights
Sadara Bandara · Battle for Rights · 4:18
අනේ හිමියනි ඉඳින් නවතිනු සෙබළු බොහොමයි ගැංසියේ නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හංදියේ බංකරේ මා අන්තරේ නුඹ ඒත් අපි එක පන්තියේ ගැටලු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ඝෝෂණේ ඒත් විසඳුම මෙහෙම පතුරන එකද පාරේ භීෂණේ කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩු පොලු තෝමරේ පිරෙයි පව් මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ අනේ හිමියනි ඉඳින් නවතිනු සෙබළු බොහොමයි ගැංසියේ නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හංදියේ බංකරේ මා අන්තරේ නුඹ ඒත් අපි එක පන්තියේ ඒත් අපි එක පන්තියේ ඒත් අපි හ්ම්, මිනිස්සු නේ
