Thotupola

Amma

6th Lane · Nirvanaya · 3:59

මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ මා අසලින් රැඳි උණුහුම ඔබ විය නුඹයි මගේ අම්මා සඳ හාවුන් හඬනා කළුවර රාත්රියේ ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගේ අම්මා ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි කුණාටු සාගරයේ රුවල් බිදුණු නෞකාවේ හබල ඔබයි පිළිසරණ ඔබයි නුඹයි මගේ අම්මා දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ සෙවන ඔබයි මද පවන ඔබයි නුඹයි මගේ අම්මා ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි

Amma lyrics · 6th Lane