Thotupola

Kawiya

Vidula Ravishara · Kawiya · 4:54

බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිති ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි

Kawiya lyrics · Vidula Ravishara