Thotupola

Peruwata Hitha Mage

Rose Alagiyawanna · Peruwata Hitha Mage · 3:24

පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට මා සොයා ඔබ වැරදි කරලා මගෙ පිටට හරවා ඔබේ හිතම රවටා ගත්තා පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා... ආදරය මාගේ නෑ වටහ ගත්තේ මේ සරල දිවියේ මගේ නැති දේම ඉල්ල ලොකු හීන මැව්වා ඔබ ඒ මත්තේ යන්න ගියා... ඒ මත්තේ යන්න ගියා ජීවිතය දකිනා පෝසතකු නොවෙනා මා ලගින් ඉන්න බැරි උනා ඉවසන්න දන්නා අවංක හිත වටිනා බව තේරුම් යාවිද කවදා පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට මා සොයා ඔබ වැරදි කරලා මගෙ පිටට හරවා ඔබේ හිතම රවටා ගත්තා පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා...

Peruwata Hitha Mage lyrics · Rose Alagiyawanna