Thotupola

Oba Sathutin

Sadun Perera · [www.ananmanan.lk] · 3:46

ඔබ සතුටින් දිවි ගෙවන් කියා මා පතනවා දිවි තියෙන තුරා හිමි නැති ඔබ මතකෙන් සගවා මා මියැදෙන්නද දුක් විදලා පෙර භවයක කල පවු නිසා ඔබ මට හිමි වෙන්නෑ සදා රැකගන්නට මටමයි කියා තිබුනු මැණික ඔයා තිබුනු මැණික ඔයා සසර පුරා මගෙම වෙලා ඉන්නවා දිවුරා කියා ඔබම තමා කීවේ මුසා නැති වැරදි පවසා කොතැනක හෝ ඔබ නිදුකින් ඉන්න හිනැහීලා මගේ සතුටත් එයම තමයි ගියත් වෙන්වීලා හුරුම කලා දුකම ඔයා කදුලු මට දීලා එදා මාව දමා නොයන් කියා දහස් වර කීවා කොතැනක හෝ ඔබ නිදුකින් ඉන්න හිනැහීලා මගේ සතුටත් එයම තමයි ගියත් වෙන්වීලා ඔබ සතුටින් දිවි ගෙවන් කියා මා පතනවා දිවි තියෙන තුරා හිමි නැති ඔබ මතකෙන් සගවා මා මියැදෙන්නද දුක් විදලා පෙර භවයක කල පවු නිසා ඔබ මට හිමි වෙන්නෑ සදා රැකගන්නට මටමයි කියා තිබුනු මැණික ඔයා තිබුනු මැණික ඔයා

Oba Sathutin lyrics · Sadun Perera