Thotupola

Nidukin Inumana

Dimanka Wellalage feat. Kapilan Kugavel · Nidukin Inumana · 3:55

නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ ඉන්න බැරි තැනමයි දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි හංඟගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි නිදුකින් ඉනුමැන

Nidukin Inumana lyrics · Dimanka Wellalage feat. Kapilan Kugavel