Thotupola

Mee Amba Wanaye

Priyantha Fernando · Sigiri Sukumaliye, Vol. 1 · 3:25

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවද හිමිහිට මුමුණනවා හදවත රිදුමද නවතිනවා මොහොතින් යලි නොපෙනී යනවා මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ බද වට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබෙ අත තබලා ළගදිම මනමාලිය කරලා ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

Mee Amba Wanaye lyrics · Priyantha Fernando