Kiyanne Gothala
The Gypsies · I Don't Know Why · 3:58
ඉස්සර මුතුන් මිත්තෝ කල කී දේවල් ගැන පම්පෝරි ගහලා වැඩක් නෑ සුද්දා ගියාට පසු බලයට ආපු ඇත්තෝ මේ රටට කරපු දෙයක් නෑ ඒ ගොල්ලෝ නොහිටියා නන් තාමත් ගමන පයින් ඒ ගැන කියලා වැඩක් නෑ නිදහස නොදී අපට සුද්දා හිටියා නන් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් මොන රජයක් ආවාත් කවුරුන් රජ කෙරුවත් බඩු මිල අඩු කරන්න බෑ ලෝකෙන් ණයට අරන් කන එක නවතිනකන් රටකට පෙරට යන්න බෑ ලිප්ටන් වට රවුමට ඇවිල්ලා කෑගැහුවට ලොක්කන්ට ඒවා ඇහෙන් නෑ නීතිය බල්ලාට ගිය මේ වගේ රටක් ඇතුලේ සාමය රජ කරන්නේ නෑ කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් නැකතට වැඩ කෙරුවාට රට දියුණු වෙලා නෑ ගණ බලලා නම තිබ්බාට සෙතක් වෙලා නෑ බාර හාර පුද පූජා කරලා වැඩක් නෑ කුහක සමාජයකට දෙයියන්ගේ පිහිට නෑ කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් පොඩ්ඩක් හිතලා බලන්න ඔහෙලා වැරදිද කියලා මට හිතෙන හැටි කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින් පොඩ්ඩක් හිතලා බලන්න ඔහෙලා වැරදිද කියලා මට හිතෙන හැටි කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලා වලින්
