Thotupola

Asha Nil Dasin

Mihindu Ariyaratne feat. Raj Thillaiyampalam · Asha Nil Dasin · 4:06

ආශා නිල් දෑසින් ආදරේ පෙන්නලා මායා රූ නාරී ජීවිතේ මත් කලා දෑතේ එල්ලිලා යාදෝ ඉගිලිලා ළමැදේ හැංගී කී කතා ඇහුනා නින්දේදී පවා මුදු සුවඳේ වසඟ වෙලා පෙම් කතා ලියනවා කෙහෙරැලි සයුරේ පිහිනමි සොඳුරේ ආදරේ ගලනවා හිරිකඩයි යෞවනේ උණුහුමයි ඈ තුරුලටයි ගුලි වුනේ මා සොයාලා ළමැදේ හැංගී කී කතා ඇහුනා නින්දේදී පවා ඇස් පියා ගන්න බෑ ඇස් දෙකේ ඉන්නවා හදවත ගැඹුරේ ඔබේ රුව මතුවේ නිදිවරා විඳිනවා සඳවතයි ඔබ මගේ අහසමයි මා හිත පුරා ආදරේ ඔබ තියාලා ළමැදේ හැංගී කී කතා ඇහුනා නින්දේදී පවා ආශා නිල් දෑසින් ආදරේ පෙන්නලා මායා රූ නාරී ජීවිතේ මත් කලා දෑතේ එල්ලිලා යාදෝ ඉගිලිලා ළමැදේ හැංගී කී කතා ඇහුනා නින්දේදී පවා

Asha Nil Dasin lyrics · Mihindu Ariyaratne feat. Raj Thillaiyampalam