Thotupola

Mandarame

Sesandu Dineth · Mandarame · 4:05

පාළු අහසක රෑක තනියම මං නුඹව සෙව්වා අමාවකට සඳ නැතත් ඔබව මැව්වා මතක සැමරුම් අතරමග හිත නිතර සැරිසැරුවා මංමුළා වූ හීනයක ගිලුනා මන්දාරමේ හීන බැඳි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා ගිම්හානයේ සුවඳ දුන් ඩේලියා මල් අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා සුසුමන් සිරවූ බොල් හදවත කොනේ ඔබගේ කැළුමන් තවමත් සුවඳ දේ සිතු දැහැන් බිඳ දමා මතකයන් පාරවා ඈ සිතිජ මානේ බලා නොපෙනී ගියා මා අද පාළු හදවතේ ඉමේ ඔබෙ රුව මැව්වා මන්දාරමේ හීන බැඳි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා ගිම්හානයේ සුවඳ දුන් ඩේලියා මල් අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා මතකෙන් සමුදී මේ අවසන් පැයේ නොකියූ හැඟුමන් තවමත් පණ ගැහේ ජීවිතයේ වේදනා සුළඟකට මුසුකරන් පාළු අහසක් පුරා ඔබෙ රුව මැව්වා ආ දුර මොහොතකින් බොඳවුවත් සිත ඔබ පැතුවා මන්දාරමේ හීන බැඳි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා ගිම්හානයේ සුවඳ දුන් ඩේලියා මල් අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා

Mandarame lyrics · Sesandu Dineth