Wahi natuma (feat. Shehara Alahakoon)
JANANA · Wahi natuma (feat. Shehara Alahakoon) · 5:02
අලි මංසල් මේ පාර පුරා පින්න මලක් නැතුවත් හිතුනා දිය දෝතක් හුරු නෑ මේ බැද්දට මල් කැකුළක් අලි වැටේ පිපිලා මල් කැකුළක් අලි වැටේ පිපිලා දුරුතු මහේ වැහි වහිනා මේ ගම්මැද්දට නුඹ එනවා වැහි වැටිලා නියං කාලයේ නුඹට මටත් තිබහක් නැතුවා නුඹට මටත් තිබහක් නැතුවා කෙකටිය දඬු මල් නැති වැව් හිඳිලා වැහි නැටුමක් නටපන් වැහි වැස්සා යල මහ උඹ ඇයි නොවැදින් බැලුවා මාදං ගෙඩි හැම තැන වේලෙනවා දුරුතු මහේ වැහි වහිනා මේ ගම්මැද්දට නුඹ එනවා වැහි වැටිලා නියං කාලයේ නුඹට මටත් තිබහක් නැතුවා නුඹට මටත් තිබහක් නැතුවා කපු යායෙ මල් පාවේදෝ මේ ගිනියම් යාමේ අලි මංකඩ ළඟ නවතීදෝ මේ ගොම්මන් කාලෙන් නුඹ හා මා නුඹ හා මා කල් යල් බැලුවයි තනිවෙන්නට මේ ඉවුරේදෝ කපු යායේ මල් පාවේදෝ මේ ගිනියම් යාමේ අලි මංසල් මේ පාර පුරා පින්න මලක් නැතුවත් හිතුනා දිය දෝතක් හුරු නෑ මේ බැද්දට මල් කැකුළක් අලි වැටේ පිපිලා මල් කැකුළක් අලි වැටේ පිපිලා
