Thotupola

Kadupul (feat. Dulash Edirisinghe)

JANANA · Kadupul · 4:41

වැව් තාවුලේ මල් පරවී ඉන්නව දෝ බලා බොර වැව් දියේ උඹ පාවී හුළඟටත් හොරා මහ අහසට කෑ ගහපන් මේ විපත කියා වැව් තාවුලේ මල් පරවී ඉන්නව දෝ බලා ලන්තෑරුම් මල් අහගෙන ඉඳපන් අහසට කියපන් මේ බර තනියෙන් වෙසඟන විලසින් රතු කඩුපුල් මල් රෑට ම පිපියන් කාටත් හොරැහින් ගොම්මනේ මල් නාඩා ඉඳින්කෝ නාපෙතිත් ගං ඉවුරෙ තියන් යායට ම සුදු පිණි අතුරන්දෝ උඹෙ කඳුලු වල රොන් අහුලන් පොළොව උහුලනවා දෝ මයෙ දුක් ඈතට ම පලි කෑ ගහපන් ගොම්මනේ ගඟ කතා කරන්කෝ බෝ කොළත් ගිනි පැන් උහුලන් ලන්තෑරුම් මල් අහගෙන ඉඳපන් අහසට කියපන් මේ බර තනියෙන් වෙසඟන විලසින් රතු කඩුපුල් මල් රෑට ම පිපියන් කාටත් හොරැහින් වැව් තාවුලේ මල් පරවී ඉන්නව දෝ බලා බොර වැව් දියේ උඹ පාවී හුළඟටත් හොරා මහ අහසට කෑ ගහපන් මේ විපත කියා වැව් තාවුලේ මල් පරවී ඉන්නව දෝ බලා

Kadupul (feat. Dulash Edirisinghe) lyrics · JANANA