Amme
Dhanith Sri · Amme · 3:18
මට මතක ඇති කාලේ ඉදන් පොඩි කුඩේ අරන් පොඩි අඩි පාර ගාව ඉදන් මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන් නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන් අම්මේ හැමදාම අනුන්ටම නුඹ හම්බකරන් දෙන දෙයක් අරන් ඇව්ත් අපිටම පුදන් දවසක් හදිස්සියකට හෙව්වා රුපියල් 100ක් අම්මේ කෝ පර්ස් එකෙ නෑනේ සත පහක් අම්මේ කෝ මහන්සියෙන් හම්බ කරපු දේවල් සතියට දවස් පහයි සති අන්තෙ හිටං මම දැක්කා නුඹ කාපු කට්ට මාස ගනන් අඩෝ ඇයි කවුද මගේ අම්මව කෑවේ හූරන් හිතෙනවා ඔළුකටු කුඩුකරන් යන්න සිස්ටම් එක හදපු හරකව මරන් කන්න තත්ව හදාගෙන ego එක fill කරන්න එකෙක් පෑගෙන්නම ඕනේ එකෙක් ගොඩ යන්න වැඩකට නැති කොලේකට value එක ආටෝප රජ වෙන කාලෙක මම මවනව හීන ලෝකයක් මගේම මගේ අහිංසක අම්මට පාඩුවේ ඉන්න අම්මේ මට බැ නුඹ විදි දුක බලන් ඉන්න තව නම් බෑ නුඹව හූරන් කනවා බලන් ඉන්න බර ඇද්දා ඇති නේද දැන් නවතින්න මම ඉන්නවා නේ අපේ හීන හැබෑ කරලා දෙන්න වචනෙකින් හරි නුඹව රිදුව එකෙක්ව දෙපාරක් හිතන්නේ නම් නෑ මරාගෙන මැරෙන්න හීනෙකින්වත් හිතුවේ නෑ කදුලක් දෙන්න රත්තරන් අම්මේ මම චූටී ආදරෙයි පැලෙන්න මේ moment එක ඇති හොදට හිනාවෙන්න හැමෝටම ආදරෙයි හිත පිරෙන්නට තියෙන දේ හොඳටම ඇති සෑහෙන්න ඒකම තමයි එයාගේ හිතේ සුපර්පවර් එක මගේ අම්ම කූඹියෙක් වගේ අහින්සකයි ටයිටේනියම් එයාගෙ හිත මාර හයියයි හැමදේම ගොඩ ගහගෙන ඉන්න කාලේ ඒත් තියන පොඩි දෙයත් දීලා දානවා එයා එහෙමයි ඔයා වැදුව එකෙක් ලෝකේ හදන ලොකු තැනක තව එකෙක් ලෝකේ නලවනවා ගීතයෙන්ම මට හිතාගන්න බෑ අම්මේ ඔයා ගැන පර්ස් එකේ සල්ලි නැතත් ඔයා දුප්පත් ද
