Thotupola

Yogeshwari

Charitha Attalage ft. Manasick · Kuweni By Charitha Athalage · 8:00

තවම තිලකය නළලේ නොතියා සඟවගෙන නුඹ ඉන්නවා නම් හිසේ එක මල් රේණුවකින්වත් නොගැවසී නුඹ ඉන්නවා නම් විදුලි සඳ එළි වලින් දිය වී සැඟවෙලා නුඹ ඉන්නවා නම් කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං දුඹුරු දෑසම කඳුළු පුරවන් හිස හැරුනු අත දුවනවා නම් කැරලි කොන්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවා නම් දුඹුරු දෑසම කඳුළු පුරවන් හිස හැරුනු අත දුවනවා නම් කැරලි කොන්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවා නම් අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුඹ මඟ බලනවා නම් Yeah Westනාහිර Manasick මගේ ළය මතින් උඹ පලාගියේ ගෝපුරයත් පරදා හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලිලිතය හැර පමණක් තිලකය ගියේ එන්නයි, වළදා මග වැටී ඇති දෑසමන් පෙති කියයි හෝඩුවා තැලී රක්තයට බිලි වී, කාගේ ලෙයමද? තේරුවා! කාගේද උණ්ඩය? මුළු රෑ අහසේ පිපෙනවා! බිම වැටෙයි පරවී, උඹේ "ගොදුර" උඹව හොයනවා! පොලව දෙදරා! පැළවී මළවුන් දිස් උනෙත් උන් පොදි වී එක රොදට, ඇයි ඉඩක් හිස් උනෙත්? ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන් වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත් ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක් තාමත් නිමාකර නැති උඹ මට මහා ඛේදයක් තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව චේදයක් කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක් ඔව් නිකේතයක් අද දිරා පත් වී බලා ඉඳලම චිතකය මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය මාන බැලුවා උන් දඩයමේ උඹයි ඉලක්කය දැල්වුවාද ඔය නළලේ තිබ්බාද රතු තිලකය? මේ කාලකන්නි පොලව දාලා උඹ කොහේ යන්නද? කොහේ හරි ඇති මං දන්නවා! ගෝපුරය රත් පොළොව දෙදරන් සුනු විසුනු වී බිඳී වැටුණා ගැල්වූ පර හද කොපුල සිඹිමින් දියවෙලා සේදිලා මැකුණා ගෝපුරය රත් පොළොව දෙදරන් සුනු විසුනු වී බිඳී වැටුණා ගැල්වූ පර හද කොපුල සිඹිමින් දියවෙලා සේදිලා මැකුණා අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුඹ මග බලනවා නම් තවම තිලකය නළලේ නොතියා සඟවගෙන නුඹ ඉන්නවා නම් හිසේ එක මල් රේණුවකින්වත් නොගැවසී නුඹ ඉන්නවා නම් විදුලි සඳ එළි වලින් දිය වී සැඟවෙලා නුඹ ඉන්නවා නම් කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං විදුලි සඳ එළි වලින් දිය වී සැඟවෙලා නුඹ ඉන්නවා නම් විදුලි සඳ එළි වලින් දිය වී සැඟවෙලා නුඹ ඉන්නවා නම්

Yogeshwari lyrics · Charitha Attalage ft. Manasick