Mahamewna
JANANA · Mahamewna · 4:00
ඇත් පොකුණට මම පෙම් බැන්දයි මේ තරමට මම ගී ලිව්වයි ඇති තරමට දිය රැලි හැමුවයි ඔබෙ කතා මට මතක නැතුවයි රජ සෙන් මැදින් වෙහෙර වන්දනා දාගැබ් පුරා හුළඟ මොරදෙනා අපි හිතුමතේ මහමෙව් පුරා නැති මං හොයන් වන පීරනා මහ රුක් යටින් හද ගැස්සෙනා බිඟු මල් පුරා රොන් ඉහිරෙනා සිරි මා බෝ මලු වන්දනා මේ රෑ පුරා හද ඉතිරෙනා සේද කුටියක් හෙම ගෙනැවිත් මේ රුක් වැල් හද බන්දනා කපුරු සුවඳින් මනමත් වී වැව් හුළඟින් හිත විහිදෙනා ආයෙත් යන්නම් හිත දෙන්නෑ මේ වාගේ වැව් යායේ ඔබටත් වඩා හිත ඉල්ලනා බෝධිඝරයේ මැව් රටාවේ ඒ වාගේ සන්සාරේ හිතටත් වඩා ඇස් පිංකරා
