Thotupola

Seetha Rathriye

Chandralekha Perera · Neela Nuwan · 4:17

මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා නිදිමත තරු කැට කඩාවැටේ ඉඩදී අඳුරට අහස්තලේ සඳ මල මිලිනව බලා හිඳී දකින තුරා අඩ නුවන් අපේ සඟවා ළය මත ඔබෙ වත රහසින් කියාදෙන්න ළං වී ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා ගහකොළ නිසලව බලා හිඳී පවන් රොදක සිහිලසින් මිදී පිණි කඳුළැලි කැට කඩා වැටේ ඇහෙන තුරා පෙම්වදන් අපේ සුසුමක් සුසුමට ළංකර රහසින් කියාදෙන්න ළංවී ප්රේමය නම් මෙයැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා

Seetha Rathriye lyrics · Chandralekha Perera