Thotupola

Galana Ganga & Rahath Himiwarun (Live)

Charitha Attalage · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 7:24

රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා (yeah) සිරිමහා බෝපත් බුදු බණ ලියවී පාවි යනවා වැව් සුළඟේ මා කහමල් පොකුරු වගේ (yeah) රන්මැලි සෑ රදුනේ (ha) කහමල් පොකුරු වගේ රන්මැලි සෑ රදුනේ (yeah, yeah, ah) (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) දෑස වසාගත්තා මං මනසින් හොයන්න නිමාවක් මාර සේනා වලකනකන් ඇත්ත හොයාගෙන යනවා මිසදෙටුවෙකු වෙයිද මං මිසදෙටුවෙකු නෙමෙයි මං ඇත්ත මට වැටහෙනකන් ඇත්ත හොයගෙන යමි මං බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින් සැප රථෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ බණ අපෙ සාදු නිවන් දුර නිසා ද මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන් අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැඳන්? අඹපු රූපෙට දැනේද අම්මාගේ හිතෙ දුක දුකේ හේතුව අපිව ඉපදුව එක නේද සෙත් පතා මා අත බැඳ පිරිත් නූල දුටුවා මස් කඩේ මුදලාලි අතේ ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූලක් බැඳන් ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද හිතේ කහටක් නැත්තන්, කාටවත් ගිනි දෙන්නැත්තන් ඉන්නකන් හොඳින් නම් ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල් ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද? මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන Ah මහා විහාරෙ මහ සඟරුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ (yeah) තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන කහමල් පොකුරු වගේ (yeah) රන්මැලි සෑ රදුනේ කහමල් පොකුරු වගේ රන්මැලි සෑ රදුනේ (yeah) (ah) ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත ඇසට නොපෙනෙ පර්යාන්තෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා වින්දා නැසෙන රූපයක සොබා එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා නීල දෑස හා දොඩවන්නම් වළලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ගලන ගඟක ගලන ගඟක ගලන ගඟක ගලන ගඟක (Yeah)

Galana Ganga & Rahath Himiwarun (Live) lyrics · Charitha Attalage