Mandara
DEVA · 4:24
සත්කුළු පව්වම සොලවන්නා මහ වැහි වස්සවනා බෙර තාලෙට මුදු පා තියනා දෙව්ලිය රඟනා ගුමු නද මැද සුදු ඉද්ද මල් පිපිලා උඹ සුවඳයි ඊට වඩා ඔය ගෙලෙ රත්මාල පළන්ඳා රතඟිලි බන්දා කළඹන්නද කවි රස මූද දවටන්නද රන් සළු සේද සැනසෙන්නද ඔය උර ගාව ඇයි වස්තුවෙ මෙතරම් වාද වරුවක් අපි බෙර පද අල්ලා වන්නමකට සලඹ හොල්ලලා ගත වට පායිම් පත් බන්ඳා නටපන් තාලෙට අඩි තියලා ♪♪♪ දැක්කෙ සඳු ආකාසෙ පුරාම තරු තිබ්බත් නේක නේක තනු සිතාරෙ දුන්නිංගී මරු මත් බඳුරා සෙ සුවඳ රත් හඳුන් සේම ධනු දැරිය මන්දාරා දිවි සංචාරය එවිද සොඳුරු නිති බැඳේ ඇගෙන් නිතර අතර හිද ඇ වගෙ නැ රෝස පෙති සුවඳ සමන් පිච්ච සිතුවිලි දෙනෙත් මත රැදිච්ච ඉතින් පණ හොයන්න ඕනිද ප්‍රේමෙට නිමිත්ත ත්වරන්න තව තරනෙ සොයන්න අරවින්ද මටත් දැං හිතෙන්නැ තවත් මලක් ඇහිඳින්න බැඳන් ඇ අත් ඇති කලෙ ලොකු බැඳීමක් හිතත් එක්ක සින්නක්කර හිත අක්කරගන්නම් සුන්දරි හිනාව එක්ක පළඳන්නම් නුඹ නම් හිරුගෙ ලෙ ගිණි මාල කලඹන්නම් හැන්දෑකරේ හසරැල් ම මත් දවාන ලියා සැනසුම් විඳිමින් ජීවිතේ නේක තාල විහඟුන්ට අතුරන්නම් පියුම් පෙති සත් පාට සත් පාට පියුම් පෙති අතුරන්නම් මීමෝසා මල් සුවඳේ රන් පාට හීනයේ මුදු සිනහා තාම මතකයි ළඳුනේ බර වැඩීම හාදු පැසළි හි පාවෙමින් මුදු සීතල පවනේ කතරෙත් පෙම් මල් පූදින වාර අඩු හිත් ගැබ මැද්දේ සත්කුළු පව්වම සොලවන්නා මහ වැහි වස්සවනා බෙර තාලෙට මුදු පා තියනා දෙව්ලිය රඟනා ගුමු නද මැද සුදු ඉද්ද මල් පිපිලා උඹ සුවඳයි ඊට වඩා ඔය ගෙලේ රත්මාල පළන්ඳා රතඟිලි බන්දා කළඹන්නද කවි රස මූද දවටන්නද රන් සළු සේද සැනසෙන්නද ඔය උර ගාව ඇයි වස්තුවෙ මෙතරම් වාද වරුවක් අපි බෙර පද අල්ලා වන්නමකට සලඹ හොල්ලලා ගත වට පායිම් පත් බන්ඳා නටපන් තාලෙට අඩි තියලා පළඳන්නම් නුඹ නම් හිරුගෙ ලෙ ගිණි මාල කලඹන්නම් හැන්දෑකරේ හසරැල් ම මත් දවාන ලියා සැනසුම් විඳිමින් ජීවිතේ නේක තාල විහඟුන්ට අතුරන්නම් පියුම් පෙති සත් පාට ♪♪♪
