Thotupola

MMP Reprise

DEVA · 4:53

හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී බලා ඉමි මං අසරණවී මමයි නුඹෙ සංචරණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් එද්දි වාරු නෑ උඹෙන් ගන්න වාඩු නෑ දර ගිනි සැර සැර නෑ අත් වැදන් උඹ පැතුවේ නෑ දෙමොදර නාය ගියේ නෑ අසනිය උඹෙ නමින් ගැලුවේ නෑ විහාර වැදන් ගියේ නෑ ඉල්ලලා නෑ නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ධාර ස්නේහය ගිනිගත්තා හතරකඩ පැලි දුරුතු පෝ සද මාරම්බරී වත මතට වඩී මට සරසන්න පා වඩ එලා මග දෙපස මදි සලඹ වැදි සැරින් අවරගිරින් අගවන්න පුර හද පායන්න කලින් අමු සොහොනට එන්න මැයි මල මගේ වෙන්න ප්‍රමාදයි ඇයි මන්ද මැයි මාර අවාරෙට කොයින්ද ♪♪♪ දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම (Mic Check x3) DEVA ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා මං මග රැක්ක නැවතුම වැස්සට හේදිලා ගිහිල්ලා එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා උඹත් මැරිලා ගියා අඩි තිය තිය මීදූම මැද්දෙන් ගීතයක් වගෙ සෝමතිලක ජයමහගෙ සුද්දියෙ තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා දෙමෝදර හංදියෙ කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ

MMP Reprise lyrics · DEVA