Thotupola

Dam Pata Handawe

Sachin Rakitha Teesha · Dam Pata Handawe · 4:18

සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළඟෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන්වී ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළඟෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ මල් සුවඳ පරදවනා සුවඳ ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගෙ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළඟෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ සිත් හැඟුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ

Dam Pata Handawe lyrics · Sachin Rakitha Teesha