Manamala Mahatha
DJ JNK, Moniyo · Manamala Mahatha · 3:49
එම්බල මනමාල මහතා අදින් පස්සේ උඹ අවසානයි මින් මත්තෙන් හොඳ කෑමක් කන්න වෙන්නෑ රහට නොයෙකුත් බැනුම් මැද ඉන්න වෙන්නේ ඉවසාලයි වැඩ ඇරුනං පාටි බෑ දැං ගෙදර වරෙන් පහට ප්‍රේම කල කාලේ හමාරයි හැන්දෑවේ හැංගී කලුවරේ අද පිරිවරං හිතමිත්‍ර නෑදෑ සනුහරේ දෑවැද්දේ ඇඳුම් රැක් එකක් තියෙද මූ ඇදුම් දැම්මේ දොරේ උඹ පොඩි කොල්ලෙක් නෙමෙයි දැන් හෙන වගකීමක් කරේ බැන්ද මුල කාලේ ප්‍රේමේ පස්සෙදි යමවරම් කල් ගියං උඩින් ඇදෙයි දොරේ දාපු උඹෙ සරං රැදෙන්නෙපා ready වෙයන් හුරු පයෙන් සරම අරං දුවපං ක්ෂනිකෝම සුසන්තිකා වරම අරං ලස්සන කෙල්ලෙක් ගියොතින් ඉතින් බලන්නෑ මූ ඒ පැති කියලා මනමාලි තාමත් හිතන් ඇති නෑ මන් කියන්නේ නෑ ඒ කිව්ව දේවල් ඇති තවත් දේවල් කිව්වොත් බයේ වැටෙයි මූට හති උඹයි මමයි බෙදන් කෑවේ එක පතේ එක කෙහෙල් කොලේ අදින් පස්සේ අඩුවෙයිද අපේ ආතල් නාපු ඇළේ දොළේ ඔව් උඹ සාධාරණයි වගකීමෙන් බර වේවී මොලේ කිරි පිටි පරිප්පු හොයන්න උබ යාවී පොළේ කියපං ඇත්ත බොරු කියන්නෙපා හංඟලා බලන්නෙපා වෙන දිහා බාලිකාවන් නංඟලා රන් තැලි බැඳ රනින් මුදුවක් පලන්දලා සන්තෝසෙන් උතුරෝපං දුක කියපං හංඟලා කාසාදේ ලියවිල්ලක් පුරුෂ කට පියවිල්ලක් Full Package එක එන්නේ Life Time කියවිල්ලක් ඔව් එක ඇලපිල්ලක් එහා මෙහා උනොත් වෙන්නේ වැලපිල්ලක් ආරම්භේ නැළවිල්ලක් පස්සේ පසු කැළඹිල්ලක් ලොරි පිටින් මේස පුටු අල්මාරි දෑවද්ද පිරිවරං උඹ ඉල්ලුවොතින් මස්සිනා දෙයි අහසේ උනත් තරු අරං උගේ ගෙදර පාළු වේවි ඉවසන්න බැරි තරම් ගෙදර රණ්ඩු කෙක්ක යනෝ නේද උඹ අරං සුරංඟනා ස්වරූපෙන් ගෙනා බරපතල වැඩ සහිත සිරදඬුවම් කැන්දන් එනා හුරේ දාගේනා දැන දැනම දැන දැනව අරන් නඩුවක් සුරංඟනා ස්වරූපෙන් ගෙනා බරපතල වැඩ සහිත සිරදඬුවම් කැන්දන් එනා හුරේ දාගේනා දැන දැනම දැන දැනව අරන් නඩුවක් උබ නොදනීද තනි යහනේ නැත සහනේ නාකි වෙලා බැන්දොත් සැප නැතේ අඩපන වේ ජීවිතේ කෙටි හරි කාලේ නොබැඳොතින් track පනි දුක සැප බෙදාගන්න කෙනා හරි හැටි දනී Yo, තුන් වේල කන්න දෙන්නේ සමූපකාර කන්න දෙන්නේ සමුපකාර ක්‍රමේටනෙ නානාවිද කෑම සෙල්ලක්කාරයි තාම කොලු කාලේ ගෙවෙනවා එලෙසෙම සන්තෝසෙන් ඉන්නේ හැමදාම දනී හරි ප්‍රමාණේ කෑමට තුනපහ ගාණකට කන බොන දේවල් ගනන් ගන්නෑ සත පහකට නසරානි අවවාද ගන්නෑ කනකට බාල කාලේ සිට හදාගත්තේ එක ගාණකට ගෑණුන්ගේ කේන්ති වගේ සෝඩා බොතලේ පැටලුනාට උදේ වෙද්දී රත් වෙනවා කේතලේ මෙහෙට්ට ගනින් බෝතලේ හෙට වෙනකන් පාටි දැම්මත් දෙන්නේ නෑ කරච්චලේ නෑ බැන්ද බව පසක් කලේ උබයි මමයි බෙදන් කනවා එදා මෙන්ම අදත් කෙහෙල් කොලේ නානව ඇලේ දොලේ, නැතිනම් මඩ උන වෙලේ පොඩි කාලේ ඉදානම ඉන්න උන් එක පිලේ මැරි ඉපදුනත් අමතක නොවෙයි මගේ මලේ රත්තරන් කෙල්ලෙක් එක්ක මක්කටෙයි බන් දෑවැදි හොයාගන්න අමාරුම මස්සිනෙක් මේ මාවැනි ලස්සනම නංගලා දැක්කත් හිතට නොකාවදී ඉන්නේ එක කෙල්ලයි වැනි වීරයෙක් සිනමාවෙදි ලා බාල කාලේ ඉදන් අම්මලාගේ උකුලේ මා උනා බාල කොල්ලා කෙල්ලෝ තුනක් ඇතුලේ රජෙක් වගේ බලා ගත්තේ තියන් හිස මුදුනේ ඒ ආදරේ නම් වෙනසක් නෑ පස්සේ උනත් මගුලේ මේ කොල්ලෝ කෙල්ලෝ කාලේ වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ නැතිනම් නාකි වෙලා තමා රාලේ බරගාසේ මරගාතේ දාන්න ඕනේ අද කාලේ වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ නැතිනම් නාකි වෙලා තමා රාලේ බරගාසේ මරගාතේ දාන්න ඕනේ! නාකි වෙලා ආතල් දාන්න හිතා ගන්න එපා! තරුණ කාලේ විදපල්ලා ජීවිතේ සැරට! අද කාලේ වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ නැතිනම් නාකි වෙලා තමා රාලේ බරගාසේ මරගාතේ දාන්න ඕනේ!
