Thotupola

Kirula Muthu Lihee

Rathna Sri Wijesinghe, Janaka Wickramasinghe · Suwanda Muwarada, Vol. 1 · 3:29

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති වන්නමක් සේම සුමිහිරි තානමක් නැති සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නළල් පට මාල හත් පට සින්න වී ඇති සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා

Kirula Muthu Lihee lyrics · Rathna Sri Wijesinghe, Janaka Wickramasinghe