Sonduru Siththam
Ridma Weerawardena, Charitha Attalage · Ridma Weerawardena · 3:55
මුවගේ හසකැන් දිලුනේ නෙතඟේ කඳුලැල් නිවුනේ හදෙහී පැතුමන් පිපුනේ සැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැඳුනේ රිදෙනා සිතමයි හැදුනේ නොබිඳී සසරේ බැඳුනේ ඇසුරේ ඔබමයි පැතුවේ එකසේ දෙහදක් පිදුනේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසූ වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා නොගැයූ කවියක් වාගේ නොලියූ පදවැල් මාගේ මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුනේ මතකේ රඳවා සොඳුරුම යාමේ හමනා පවනක් වාගේ සිසිලයි ඔබ ගෙන ආවේ කතරට වැටෙනා පොද වැහි වාගේ දෙහදක් පතලා සිත් මල් යාමේ පියමැන අපි යමු පැහැසර යාමේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ලං වෙලා සුවඳකට මුසූ වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා
