Thotupola

Kasawathata Punchi Puthe

Roshan Fernando

කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවේ මට සමාවෙයන් රත්තරත් පුතේ මට සමාවෙයන් රත්තරත් පුතේ වෙස්සන්තර මහ නිරිඳුන් දරු දන් දුන්නේ නිවනට යන මග සරි කරගන්නටයි පුතේ ඒත් පුතේ අසරණ මා නුඹ දන් දුන්නේ නැති බැරිකම් ඉහ වහගිය නිසයි ජීවිතේ මට සමාවෙයන් රත්තරත් පුතේ මට සමාවෙයන් රත්තරත් පුතේ කසාවතට පුංචි පුතේ.... කසාවතින් සැරසී නුඹ නිවසට ආදා නුඹේ මවුගෙ නෙතේ පිරුණු කඳුලු බිඳු පුරා සංසාරෙන් එතෙරට යන මග මෙයයි කියා සැම හදවත් සුව කළ මැන බණ දෙසුම් කියා මට සමාවෙයන් රත්තරත් පුතේ මට සමාවෙයන් රත්තරත් පුතේ කසාවතට පුංචි පුතේ.... (මට සමාවෙයන් රත්තරත් පුතේ...////)

Kasawathata Punchi Puthe lyrics · Roshan Fernando