Adare Wadida Manda
ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා නුඹට මං ගැන දැනෙන තරමට මටද නුඹ ගැන දැනෙනවා නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා... දෙතැනට වෙලා රැයම නොනිදා කදුළු සැලුවත් ඉකිගසාලා හිමි නොවුණු ඒ ආදරේ හදගැස්ම පාරවයි ඔයා සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා... ආදරේ ඇයි වුණේ මෙතරම් හිමි නොවෙනවා නම් දැන දැනත් ඉවසන්නෙ මම කොහොමදෝ නුඹ නැතුව ජීවිතේ හොයං සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා... ආදරේ වැඩිද මන්දා. ../
