Thotupola

Hada Panak Se Awidin

Athula Adikari, Samitha Mudunkotuwa

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට // දූවිලි සුළගින් පිරුණත් ඉපදුනු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ මේ නගරය අත් හරින්න බෑ මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ මේ නගරයේ කූඩු වෙන්න බෑ ගම්මානය අත් හරින්න බෑ හද පානක් සේ... / අප දෙන්නා මුණගැස්වූ මේ මහා නගරේ අතැර නුඹට ගමට යන්න බෑ මේ නගරය අත් හරින්න බෑ මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරය පාළු වෙන්නේ නෑ මං තනියෙන් ගමට යන්නේ නෑ හද පානක් සේ... //

Hada Panak Se Awidin lyrics · Athula Adikari, Samitha Mudunkotuwa