The Awakening
Charitha Attalage · Awakening · 3:13
ඇහැරවන්න මා මේ නින්දෙන් මේ හීනය මහ කළු පාටයි ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි මේ හීනය මහ කළු පාටයි ඇහැරවන්න මා මේ නින්දෙන් මේ හීනය මහ කළු පාටයි ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි මේ හීනය මහ කළු පාටයි ඇහැරවන්න මා ආලෝක කිරණ, පැහැරගන්න මා මේ වණයට පිළිකුලක් දෙන්න සැරව වන්නම් මා මේ හීනෙන් යථාර්තයට බැහැරක් යන්නම් මා ගමනක් යන්නම් මා චරිත ඇහැරවන්න මා උන් ඇන්දේ ලෙයින් අපේ මායිම්, අණ තීන්ත පෑනෙන් සාමය වාර්ගික වණයක්, බිඳියන් දැහැනෙන් හීනෙන් නං බිඳින්නේ ඉකි බොලා දැන් ඇහැරෙන් උන්ට ඇහිපියත් බලයක්, ඵල වින්දා අන්ධ ඇහැක් මෙන් මවක් උරණ වී දැවෙනවා - පිළිකුල් වී ඇඩෙනවා බෙදී පෙකණි වැලට උතුරට - දකුණට තොපි කඹ අදිනවා ලේ පොලෝ මතුපිට, හිම කැට උන්ගේ පොලෝ තල යට මිදෙනවා ඒ ලේ උල්පත් සිඳ බිඳ අළු මරා රළු කළු දළු පීදෙනවා උඹ එදිරිව මම, උන් ගන්න ආශ්වාදයක් උඹේ හුස්මක නිම ප්රාශ්වාසේ, උන් ගත්ත ආස්වාසයක් ඝන මුලාවක් වෙලාගෙන තනි කළු හීන මැව්වා අන්ධකාරයක් ඇහුනද මෙපිටට විලාපයෙන් එපිටට සාදු කාරයක් ආලෝක කිරණ, පැහැරගන්න මා මේ වණයට පිළිකුලක් දෙන්න සැරව වන්නම් මා මේ හීනෙන් යථාර්තයට බැහැරක් යන්නම් මා ගමනක් යන්නම් මා චරිත ඇහැරවන්න මා ඇහැරවන්න මා මේ නින්දෙන් මේ හීනය මහ කළු පාටයි (තනි කළු පාටයි) ඇහැරුනෝතින් (ඇහැරුනෝතින්) සිහින ලොව දෙදරයි (හෘද සාක්ෂිත් පුපුරයි) මේ හීනය මහ කළු පාටයි (තනි කළු පාටයි) Yeah Westනාහිර Charitha ඇහැරවන්නම් මා
