Thotupola

Amma

Gehan & Hassy · Amma · 5:17

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා දෙදන බිම ඔබා වැල්ලේ දෙපා නමදින්නම් දොහොත් මුදුන් තබා නළලේ සමා අයදින්නම් පෙවූ හැම කිරි පොදක් පුරා නුඹේ ගුණ ගයන්නම් නුඹ හෙලූ කඳුළැලි මුතු අමුණා ගෙල පළඳවන්නම් හබුන් කටයි බත් දෙකටයි කියලා කවා පොවා ඇති දැඩි කල අම්මා ගව් ගණන් දුරින් සත් සමුදුරින් එහා උන්නත් මෙමා නුඹ සිහිකරනෙමි සැමදා සුර සැප සම්පත් කිසිත් එපා නුඹ ලඟ ඉන්නවා නම් තුරුලේ සැඟවුණු පුතුමයි මා සැමදා අම්මේ දෙදන බිම ඔබා වැල්ලේ නුඹේ දෙපා නමදින්නම් දොහොත් මුදුන් තබා නළලේ සමා අයදින්නම් පෙවූ හැම කිරි පොදක් පුරා නුඹේ ගුණ ගයන්නම් නුඹ හෙලූ කඳුළැලි මුතු අමුණා ගෙල පළඳවන්නම් හීන ගොඩයි පැතුම් පොදයි පතලා උස් මහත් කලා අම්මා මට ජය පතලා නැළවිලි ගීතයි ඉකි බිඳිමයි සිහිවීලා එන්නට හිතෙනවා අම්මගේ උණුහුම හොයලා සත්තයි ඉටුකරනෙමි මතුදා නුඹේ හීන පැතුම් වෙන්නයි නුඹ පැතූ පුතු සැමදා පැතුවේ... අම්මේ සුර සැප සම්පත් කිසිත් එපා නුඹ ලඟ ඉන්නවා නම් තුරුලේ සැඟවුණු පුතුමයි මා සැමදා අම්මේ

Amma lyrics · Gehan & Hassy