Thotupola

Marina

Sarith Surith Jayawardena, KVN

නෙතඟින් පාන ඉඟියෙන් පේන මායම් සඟවා කෙහෙරැළින් සයුරෙන් ඈත රටකින් සීත ආලේ ගෙනල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරට මෙහෙට ඇහෙනා සංගීතෙට අපි නැලවෙමු ඒ මේ තාලෙට ළං වී ආදරෙන් (මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී)..// මුහු වී වත්සුනු ඔබගේ වෙරළේ කරදිය සුලගේ හැඩකාරයි මට දුන් ගීතේ තාලය ඔබගේ සිත්තම් හීන ඇත්තෙන් දෑස මානේ මවනා රූසිරී කෝලයි බැල්ම දඟකම් පාන උන්මාදෙන් මැව්වා ආදරී ඔබ ඉගිලී අහසින් ඈතට මම මේ සුදු වැල්ලේ තනිකොට ගීතය තියලා මගෙ හිත යට වෙන් වී හීනයෙන් (මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී)..// මුහුවී වත්සුනු ඔබගේ.... Rap (මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී)..// මුහුවී වත්සුනු ඔබගේ....

Marina lyrics · Sarith Surith Jayawardena, KVN