Thotupola

Lassana Manika Oya

Ruwan Abeykoon

ලස්සන මැණික ඔයා හිටපු හැටි තිස්සෙම ලඟට වෙලා අමතක වෙන්නැති තරමට මා ඔබටම උමතු වෙලා ඉස්සර මතක සොයා විටින් විට ගැස්සෙන හීන මවා අන්සතු නොවෙනා පපුව පුරා සදහට සින්න වෙලා මා වෙත වෙනදාට ගෙන ආව සතුටට වඩා ඔයා නිරතුරුව ලංවී දුකම ලං කෙරුවා කෝ අද හිතගාව ඉගි පෑව හුරතල් ගෙනා හිනා කඩින් කඩ මැකිලා දැන් අයිති නැතුවා කොච්චර හැඬුවද කියලා නුඹ බැලුවද නිකමට හොයලා තරහක් නෑ ඒත් හිතේ කිසි දාක මා ඇස් දෙක හොඳටම රිදිලා දුක කියන්න බැරි තැන හඩලා පිලිගන් නෑ හිත තාමත් නුඹ නෑ කියා මා වෙත වෙනදාට ගෙන ආව සතුටට වඩා ඔයා නිරතුරුව ලංවී දුකම ලං කෙරුවා කෝ අද හිතගාව ඉගි පෑව හුරතල් ගෙනා හිනා කඩින් කඩ මැකිලා දැන් අයිති නැතුවා නුඹ දැකගන්නට පෙරදා මා නොපිරූ පෙරුමන් පිරුවා නිදුකින් නම් නුඹ ඉන්නේ ඒත් ඇතුවා පාරමිතාවක් වීලා අපි ආත්ම ගණනක් ආවා සතුට ළඟින් ගැවසේවා වෙනදට වඩා ලස්සන මැණික ඔයා.... මා වෙත වෙනදාට ගෙන ආව....

Lassana Manika Oya lyrics · Ruwan Abeykoon